පාලනයෙන් ගිලිහුණු ත්‍රිරෝද රථ අනතුරින් පුද්ගලයෙක් මරුට

Share

කන්තලේ දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු, පිටුපස ගමන් ගත් රියදුරුගේ බිරිඳ හා දියණිය තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කිරීමේදී ත්‍රිරෝද රථයේ රියදුරු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 44ක් වූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News