රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් 2017 වර්ෂයේ අය-වැය යෝජනා අනුව පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති අතර, එම ණය යෝජනා ක්‍රමය යටතේ රු. 800,000/- ක (ලක්ෂ අටක) උපරිමයකට යටත් ව පොලී රහිත ණය මුදල් සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරනවා.