ආරවුලක් දුරදිග යාමෙන් මිත්තණිය මරුට

Share

උලපනේ ප්‍රදේශයේ මහළු රෝගී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඊයේ (07) ඝාතනය කර තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 78ක් වූ උලපනාවත්ත, උලපනේ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

මරණකාරිය, ඇයගේ මුණුපුරා ඇතුළු පවුලේ සමාජිකයින් සමඟ එකම නිවසේ ජිවත් වන කාන්තාවකි.

නිවසේ ඇති වූ ආරවුලක් හේතුවෙන් මුණුපුරාගේ බිරිඳ විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවත්, සිද්ධිය වන අවස්ථාවේදී මුණුපුරා නිවසින් බැහැරව ගොස් ඇති බවත්, විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය ගම්පොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 32ක් වන සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read more

Local News