වයස අවුරුදු 16ක දැරියක් සැකකටයුතු ලෙස මරුට

Share

නිවිතිගල පොලිස් වසමේ වටාපොත යොවුන් ගම්මානයේ රබර් වගා ඉඩමක් අසලින් ඇති අඩි පාරක මුහුණ ප්‍රදේශයේ ලේ තැවරුනු තුවාල සහිතව වයස අවුරුදු 16ක දැරියක් මියගොස් තිබෙනවා.

මියගිය දැරිය වයස අවුරුදු 16ක් වූ වටාපොත, යොවුන් ගම්මානය ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියක්.

මරණකාරියගේ මව වටාපොත විහාරස්ථානය අසල වෙළඳසැලක් පවත්වාගෙන යනු ලබන අතර මෙදින දැරිය පාසල් නොයාම හේතුවෙන් තනිව නිවසේ සිට ඇති අතර දැරියට මවගේ වෙළඳසැල වෙත පැමිණෙන ලෙස මව විසින් දුරකතන ඇමතුමක් ලබා දී තිබෙනවා.

වෙළඳසැල වෙත පැමිණීමට ප්‍රමාදවීම හේතුවෙන් මව වෙළඳසැලේ සිට නිවස දෙසට යමින් සිටියදී සැකකටයුතු ලෙස මියගොස් සිටි දැරියගේ මෘත ශරීරය හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඇය නිවසේ සිට ගමන් කරමින් සිටියදී රබර් වත්තේ කපා හෙලන ලද රබර් ගසක අත්තක් වැදීම හේතුවෙන් මෙම මරණය සිදු වන්නට ඇති බවට පොලිසිය විසින් දැනට සැකකරනු ලබනවා.

Read more

Local News