මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

මහනුවර දෙස සිට ගැටඹේ දෙසට ධාවනය වූ වෑන් රථයක් පදිකයෙකුගේ ගැටී ඉදිරියට ඇදීගෙන ගොස් මාර්ගය අයිනේ නවතා තිබූ ත්‍රීරෝද රථ දෙකකද ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා මහනුවර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කල සිව් දෙනෙකුද තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 38ක් වූ යහලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News