මහියංගනය පොලිස් වසමේ කිරලමුල්ල ප්‍රදේශයේ වනඅලියෙකු පහරදිමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පොලීසියට ලැබුණු පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පසුව අනාවරණය වී ඇත්තේ එය වන අලි ප්‍රහාරයකින් සිදු වූ මරණයක් නොව එය මනුෂ්‍ය ඝාතනයක් බවයි.
සිද්ධිය සිදු වූ දින රාත්‍රී කාලයේදී මියගිය පුද්ගලයා නිවසට නොපැමිණීම නිසා ඔහුගේ මව ඒ සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර ඔහු වන අලියෙකු පහරදී තුවාල ලබා ප්‍රදේශයේ පිහිටි දේවාලයකට ගෙනවිත් ඇති බවට ආරංචි වී තිබුණි.
පසුව මරණකරුගේ මව ත්‍රීරෝද රථයකින් සිය පුතු නිවසට ගෙන්වා ගෙන ඇති අතර එහිදී මරණකරු පවසා ඇත්තේ තමාට වනඅලියෙකු පහර නොදුන් බවයි.
ඉන්පසුව සුළු වේලාවකින් ඔහු සිහිසුන් තත්ත්වයට පත්ව තිබෙනවා.
ඔහුව රෝහල්ගත කිරීම සඳහා 1990 ගිලන් රථ සේවයට දැනුම් දී ඇති අතර එහි නිලධාරීන් පැමිණ ඔහුව පරීක්ෂා කර එම පුද්ගලයා මිය ගොස් ඇති බවටයි නිවැසියන්ට දැනුම් දී ඇත්තේ.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් පිරිසක් විසින් මරණකරුට පහරදීමක් සිදු කර පසුව ප්‍රදේශයේ දේවාලය වෙත රැගෙනවිත් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (10) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.