චීනයේ සාගර පරිසර පද්ධතිය ආරක්ෂණය පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ

Share

“චීනයේ සාගර පරිසර පද්ධතිය ආරක්ෂණය” පිළිබඳ ධවල පත්‍රිකාව චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (11) නිකුත් කර තිබෙනවා.

‍එම ධවල පත්‍රිකාවට අනුව, චීනය පාරිසරික ආරක්ෂණ ප්‍රමුඛතාවයට සහ එහි ක්‍රමානුකූල පාලනයට අනුගතව කටයුතු කර ඇති අතර, සංවර්ධනය සහ ආරක්ෂාව අතර සම්බන්ධතාවය මනාව සම්බන්ධීකරණය කර ඇති අතර උසස් මට්ටමේ ආරක්ෂාව මෙන්ම සංවර්ධනය සහතික කිරීමෙහි නියැළී සිටින චීනය සමස්ත මානවයා සඳහා හිතකර සාගර පරිසර පද්ධතියක් ගොඩනැගීමට උත්සාහ කරන බව ද එම ධවල පත්‍රිකාව පෙන්වා දෙයි.

ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ පාරිසරික ශිෂ්ටාචාරය පිළිබඳ චින්තනයේ මගපෙන්වීම යටතේ, චීනය මූලික, පුරෝගාමී සහ දිගුකාලීන වැඩසටහන් මාලාවක් සිදු කර තිබෙනවා.

එවැනි අඛණ්ඩ උත්සාහයන් මගින්, චීනයේ සාගර පරිසර පද්ධතිවල සමස්ත ගුණාත්මකභාවය වැඩිදියුණු වී ඇති අතර සාගර පරිසර පද්ධතිවල කාර්යභාරයන් ද ඵලදායී ලෙස පුළුල් කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම චීනය සාගර සම්පත් ක්‍රමානුකූලව භාවිත කරමින් සාගර පරිසර පාලන පද්ධතිය අඛණ්ඩව වැඩිදියුණු කිරීමට සමත් වූ අතර එය ආරක්ෂා කිරීමේදී ද කැපී පෙනෙන ප්‍රතිඵල අත්කර ගෙන තිබෙනවා.

මේ අතර චීනය සාගර පාරිසරික ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කර ඇති අතර ජාත්‍යන්තර සම්මුතීන් යටතේ සිය වගකීම් සහ බැඳීම් ප්‍රායෝගික ලෙස ඉටු කරන චීනය ගෝලීය සාගර පාරිසරික පාලනයට ‘චීන විසඳුම්’ සපයා දෙමින් සිය උපරිම දායකත්වය ලබා දී ඇත.

මෙමගින් වගකීමක් සහිත ප්‍රධාන රටක කාර්යභාරය සහ වගකීම් මනාව පිළිබිඹු කරන බව ද එම ධවල පත්‍රිකාවේ සඳහන්.

Read more

Local News