දුම්රිය වර්ජනය අවසන්

Share

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වර්ජනයේ නිරත දුම්රිය පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව වර්ජනය අතහැර නැවත සේවයට වාර්තා කිරීමට වර්ජනයේ නිරත වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරින් වෙනුවෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක්‌ නොගන්නා බවට අමාත්‍යවරයා නිලධාරින් වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News