2024 මුල් භාගයේ චීනයේ ධනාත්මක ආර්ථික ක්‍රියාකාරිත්වයක්

Share

මෙම වසරේ මුල් භාගයේ චීනයේ දළ දේශීය නිෂ්පාදන වටිනාකම ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය අද (15) නිකුත් කළ දත්තවලට අනුව, එම කාලය තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 61.7 ඉක්මවා ඇති අතර, එය පසුගිය වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව 5.0%කින් වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාලයේ, අධි තාක්ෂණික නිෂ්පාදන කර්මාන්තයේ එකතු කළ අගය 8.7%කින් වැඩි වී ඇති අතර එමෙන්ම නව බලශක්ති මෝ‍ටර් රථ නිමැවුම පසුගිය වසර හා සැසඳීමේ දී 34.3% කින් ඉහළ ගොස් ඇති අතර, යටිතල පහසුකම් සඳහා වන ආයෝජන වටිනාකම ද 5.4%කින් වර්ධනය වී තිබෙනවා.

මේ අතර, අපනයන හා ආනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 21කට ළඟා වී, පසුගිය වසරේ සමාන කාලයේ පැවති අගයට සාපේක්ෂව 6.1%කින් වැඩි වී තිබීම ද විශේෂත්වයකි.

එනම් පසුගිය මාස 6 තුළ, චීනයේ ආර්ථික ක්‍රියාකාරිත්වය සමස්තයක් වශයෙන් සුමට අයුරින් පවත්වා ගෙන පරිවර්තන ක්‍රියාවලිය ද ඵලදායී ලෙස ඉදිරියට යාම එමගින් පිළිබිඹු වනු ඇත.

Read more

Local News