බදුල්ල, විනීතගම ප්‍රදේශයේදි පුද්ගලයකුට විදුලිසැර වැදීමෙන් මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 78ක් වූ වියදිගුන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා ඔහුගේ ගෙවත්තේ වගාකර ඇති භෝග වටා අනවසර විදුලි රැහැනක් ඇද ඇති අතර එම විදුලි රැහැන් සකස්කිරීමට යාමේදී මෙම පුද්ගලයාට විදුලි සැර වැදී මියගොස් ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.