පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳ මරුට

Share

බිංගිරිය, ඉහල කඩිගමුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් බිංගිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 45ක් වන ඉහල කඩිගමුව, කඩිගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකරු බීමත්ව නිවසට පැමිණි බිරිඳට පහරදෙන බැවින් ඇය සති දෙකකට පමණ පෙර තම දෙමව්පියන්ගේ නිවසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇය එම නිවසේ සිට දිය නෑමට ළිඳට යමින් සිටියදී සැකකාර පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

Read more

Local News