හලාවත දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් වයික්කාල ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව මීගමුව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකාරිය වයස අවුරුදු 68ක් වූ බෝලාන, වයික්කාල ප්‍රදේශයේ පදිංචිකාරියක්.