සමුද්‍රීය ප්‍රශ්නය විසඳා ගැනීම ගැන චීනයේ අදහස

Share

පිලිපීනය සමග සංවාද හා සාකච්ඡා මගින් විධිමත් ලෙස සමුද්‍රීය ප්‍රශ්නය විසඳා ගැනීමට චීනය සෑම විටම උත්සාහ කරන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian ඊයේ(17) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා.

සමුද්‍රීය ගැටලු සම්බන්ධ අදහස් හුවමාරු කර ගැනීමේ යාන්ත්‍රණය පරිපූර්ණ කිරීම පිළිබඳව මෙම මස ආරම්භයේදී චීනය හා පිලිපීනය සාකච්ඡා කළහ.

රාජ්‍යතාන්ත්‍රික හා වෙරළාරක්ෂක අංශ අතර සංවාදය තවදුරටත් තහවුරු කරමින් මුහුදු කලාපයේ ස්ථාවරත්වය හා චීන -පිලිපීන සබඳතාවේ සමස්තය සහතික කිරීම සඳහා ඒකාබද්ධව ප්‍රයත්න දැරීමට දෙපාර්ශ්වයන් එහිදී එකඟ වූ බවද Lin Jian අවධාරණය කර තිබෙනවා.

Read more

Local News