වෙඩි වැදීමකින් පුද්ගලයෙකු රෝහල් ගත කිරීමක්

Share

පොළොන්නරුව පොලිස් වසමේ සේවාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමක් හේතුවෙන් පොළොන්නරුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තුවාලකරු වයස අවුරුදු 46ක් වූ සේවාගම, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාලකරු වදුරන් පැන්නීමට තම බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවිය රැගෙන ඉඩමේ යමින් සිටියදී පය පැටලී වැටී ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදීම සිදුව ඇති බවට බිරිඳ විසින් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

තුවාලකරු ව්‍යාපාරික ණය හේතුවෙන් දැඩි මානසික පීඩනයකින් පසුවූ බවට අනාවරණය වී ඇති අතර, මේ හේතුවෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇතිද යන්න සම්බන්ධයෙන් පොලිසිය සැකකරනු ලබයි.

Read more

Local News