ඉන්දියාවේ වයනාද් දිස්ත්‍රික්කයේ නායයාමෙන් මිය ගිය ගණන 167 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් 192කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවද වාර්තා වනවා.
3000කට වැඩි පිරිසක් මුදාගෙන සහන කඳවුරු 45ක් වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අධික වර්ෂාපතනය නිසා ඉන්දියාවේ දිල්ලි අගනුවරට අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබෙනවා.