සුරක්ෂා සිසු රක්ෂණය ක්‍රියාත්මකයි

Share

අද සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අතර එම රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රියන්ත පෙරේරා අත්සන් තැබීය.

Read more

Local News