දිවුලපිටිය පොලිස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරටට ආනයනය තහනම් කරන ලද කෘෂිරසායනික ද්‍රව්‍ය ලීටර් 05 බැගින් වූ කෑන් 20ක් ප්‍රවාහනය කරමින් සිටී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 44, 50ක් වූ නුවරඑළිය හා ගෝනවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.