ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙක් මරුට

Share

ඇතිමලේ පොලිස් වසමේ කොටියාගල ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට ලද පණිවිඩයක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 45ක් වූ කොටියාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු තවත් පුද්ගලයෙකු සමග ඇති වූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News