රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

කටුගස්තොට දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ කුලී ගමනක් ගොස් නැවත පැමිණෙමින් තිබූ පුද්ගලික බස් රථයකින් බසින ලද කාන්තාවක් බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී එම බස් රථයේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 67ක් වූ කුඹුරේගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News