Online දුම්රිය ප්‍රවේශපත් අද සිට

Share

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම සදහා වූ “pravesha”” වෙබ් අඩවිය එළිදැක්වීම ඊයේ (22) පෙරවරුවේ නෙලුම් කුළුණ පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

අද (23) දින සිට www.pravesha.lk වෙබ් අඩවිය මගින් අන්තර්ජාලය ඔස්සේ මගී ජනතාවට ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් පෝලිමේ රැදී නොසිට මිල දී ගැනීමට අවස්ථාව ලැබේ.

දැනට දුම්රිය ධාවනය වන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට අවශ්‍ය 2 වන හා 3 වන පන්තියේ ප්‍රවේශ පත්‍ර බැංකු මගින් නිකුත් කරනු ලබන ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් මුදල් ගෙවා මිලදී ගත හැකිවන අතර මුදල් ගෙවූ පසු SMS පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයකින් මුදල් ගෙවන්නාගේ ජංගම දුරකථනය වෙත ප්‍රවේශපතේ QR කෝඩ් එක එවනු ලැබේ.

එම QR කෝඩ් එක අදාල දුම්රි ස්ථානයෙන් පරීක්ෂා කර ප්‍රවේශ පත්‍රයේ සදහන් ගමන් කරන දිනය තුළ දී පමණක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව හිමි වේ.

ගමන් කිරීමට අපේක්ෂා කරන දිනට දින හතකට පෙර සිට මෙම වෙබ් අඩවිය ඔස්සේ ඩිජිටල් ප්‍රවේශපත්‍ර ලබාගත හැක.

Read more

Local News