එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් අගමැති හමුවෙයි

Share

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

එහිදී Marc-Andre Franche අගමැතිවරිය වෙත සිය සුභ පැතුම් පිරිනැමූ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ එකඟතාවද පළ කළේය.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය අවම කිරීමේ වැඩපිළිවෙලට සහ ඩිජිටල්කරණ වැඩසටහන සඳහා සහය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කැමැත්ත පළ කර තිබෙනවා.

කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්තෙන් සිටින බවද Marc-Andre Franche පැවසීය.

Read more

Local News