නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිකම ඡන්දය භාවිත කිරීමට බාධාවක් නොවේ – මැතිවරණ කොමිසම කියයි

Share

රටේ ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් 225ක් පත්කිරිම සඳහා වන ඉතාම වැදගත් මැතිවරණයක් වන මහ මැතිවරණය රටටම වැදගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.රත්නායක පවසනවා.

කල්වේලා ඇතිව ඡන්ද පොළට ගොස් ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන ලෙසද ඔහු පවසනවා.

දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද වීමසීම සිදු කෙරෙන අතර, ඔබට නිල ඡන්ද පත්‍රිකාවක් ලැබී ඇත්නම් එය භාවිත කරන ලෙසත් , නිල ඡන්ද පත්‍රිකාව නොමැති වුවද මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇති ඡන්දය පාවිච්චි කිරීමට හැකි යැයි වලංගු හැදුනුම්පතක් රැගෙන ඡන්ද පොළට යන ලෙසත් ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීමට එය ප්‍රමාණවත් බවත් ඔහු සදහන් කළා.

එමෙන්ම සමාජ මාධ්‍යවල සහ වෙනත් මාධ්‍යවල ව්‍යාජ තොරතුරු , කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ඉල්ලීමක් කළ සභාපතිවරයා , මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන නිල නිවේදන පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙසද ඔහු පවසනවා.

Read more

Local News