කිරිඳිවැල, වල්ගම්මුල්ල ප්රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 42ක් වූ තිඹිරිගම, කිරිඳිවැල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු විසින් ඉහත ප්රදේශයේ බදු පදනම මත ලබා ගත් ඉඩමේ සිටි මුරකරු විසින් මෙම ඝාතනය සිදුකර මරණකරුගේ යතුරුපැදිය රැගෙන පලා ගොස් ඇති බවට පොලිසිය සැකකරනු ලබන අතර, ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.