මාදම්පේ පැරණි නගරය ප්‍රදේශයේ දී නිවසක පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකර ඇති බවට මාදම්පේ පොලිස් ස්ථානයට පණිවිඩයක් ලැබී තිබුණා.
පොලීසිය එම ස්ථානයට ගොස් තුවාලකරුවන් වහාම ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 60ක් වූ පැරණි නගරය, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
තුවාලකාරියගේ ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවත්, අනියම් සම්බන්ධතාවයක් මෙම ඝාතනයට හේතු වී ඇති බවත්, සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව අපරාධයට අදාල සැකකරු එදින අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 45 ක් වූ පට්ටියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.