බහින් බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරුට

Share

මඩකලපුව, කල්ලඩි පාලම අසල මාර්ගයේ දී පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 31ක් වූ වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු එළවලු වෙළඳාමේ නිරත වන පුද්ගලයෙකු වන අතර තවත් පිරිසක් සමඟ සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඔවුන් විසින් සිදු කල පහරදීමකින් ඝාතනය සිදුව ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, 24, 28 හා 50ක් වන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Read more

Local News