ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ලබාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමක්

Share

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 2024/2025 වර්ෂයන්හීදී ජාතික හා ජාත්‍යන්තර තරඟයන්ගෙන් ලැබු තරඟ ජයග්‍රහණයන් ඇගයීම වෙනුවෙන් ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලය විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයිමේ උත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27) ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණ.

මෙහිදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 184 දෙනෙක් සඳහා ගුවන් හමුදාපතිතුමන් විසින් මුදල් ත්‍යාග හා කුසලාන පිරිනමින් ඇගයිමට ලක් කරන ලදි.

තවද උපාය මාර්ගික ක්‍රමෝපායන් නිසි ලෙස ක්‍රියාත්මක කොට, ජයග්‍රහණයන් විජයග්‍රහනයන් බවට පත් කරමින් ගුවන් හමුදාවේ ක්‍රීඩා ජයග්‍රහන සඳහා උරදුන් පුහුණුකරුවන් වන මල්ලවපොර සංචිතයේ පුහුණුකරු සැරයන් වසන්ත කුමාර, වොලිබෝල් කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රෝප්‍රල් නිලංග රුක්ෂාන්, බොක්සිං සංචිතයේ පුහුණුකරු සම්පත් ජයතිලක හා ජූඩෝ සංචිතයේ පුහුණුකරු වන පල්ලියගුරුගේ සුනිල්හට ද ගුවන් හමුදාපතිතුමන් විසින් මුදල් ත්‍යාග හා කුසලාන පිරිනමින් ඇගයිමට ලක් කරන ලදි.

Read more

Local News