අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් එම පුද්ගලයා තුවාල ලබා ප්‍රථිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
තුවාලකරු වයස අවුරුදු 30ක් වන කොග්ගල්ල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කලක සිට තුවාලකරු වෙනත් පාර්ශවයක් සමඟ ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටත්, වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් භාවිතා කර ඇති බවටත් දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.