ඉදිරියේදී ජපානයට ප්‍රබල භූ කම්පනයක් ඇතිවිය හැකි බවට එරට රාජ්‍ය වාර්තා උපුටා දක්වමින් ජපාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පැසිෆික් මුහුද ආශ්‍රිතව ඇතිවිය හැකි මේ භූ කම්පනය රිච්ටර් මාපකයේ 8ත් 9ත් අතර අගයක් ගත හැකි බවයි වාර්තා වන්නේ.
එසේම ලක්ෂ 3ක් පමණ පිරිසක් මිය යා හැකි අතර ඩොලර් ට්‍රිලියන 1.8ක හානියක් සිදුවිය හැකි බවට ද ඇස්තමේන්තු කර තිබෙනවා.
මේ භූ කම්පනය ඇති වුවහොත් ජපානයට සුනාමි තත්ත්වයක් ද ඇති විය හැකි බවත් ගොඩනැගිලි සිය ගණනක් විනාශ විය හැකි බවත් අදාල වාර්තාවල සදහන්.