වන අලි ප්‍රහාරයකින් විල්ගමුවේ පුද්ගලයෙකු මරුට

විල්ගමුවේ,සෝනුත්ත ප්‍රදේශයේදි වන අලි ප්‍රහාරයකින් අද (26) උදැසන 6.45ට පමණ එස්. එම්. පී. ජි. මුතුබංඩා නැමැති වයස 80ක් වන සය දරු පියෙක් මරණයට පත්වු බව විල්ගමුව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා අද (26) උදැසන විදුලි වැට ආසන්නයේ උදලු ගාමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර වන අලි පහර දීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

 

 

 

Previous article“සංවර්ධනය සඳහා තිරසර සංචරණය” සමුළුව අගමැති සහභාගීත්වයෙන්
Next articleසියලු දෙනාට සාධාරණ නීතියක් යටතේ ජීවත්වන රටක් – රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා