අදට (12) යෙදී ඇත්තේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ හතරවන දිනයයි.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවට අනුව, දින 6ක් පුරා පැවැත්වෙන මෙම දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා සවස 6.00ට පැවැත්වීමට නියමිතය.
එමෙන්ම, අයවැය තෙවන වර කියවීම (කාරක සභා අවස්ථාවේ විවාදය) නොවැම්බර් මස 15 වනදා ආරම්භ වී දින 17ක් පැවැත්වෙනු ඇත. තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වන දින සවස 6.00ට සිදු කිරීමට නියමිතයි.




