පානදුර, හිරණ ප්‍රදේශයේ පිහිටි මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද සවස් වරුවේ ගින්නක් ඇති වී තිබෙනවා. මෙම ගිනි ගැනීමෙන් කර්මාන්තශාලාවට අයත් ගොඩනැගිලි දෙකක පිහිටි මෙට්ට නිෂ්පාදනය සඳහා යොදාගත් කොටස සහ රසායනික ද්‍රව්‍ය ගබඩා කළ කොටස මුළුමනින්ම විනාශ වී ඇතැයි වාර්තා වනවා. මෙම සිදුවීමෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර, මොරටුව සහ කළුතර මහ නගර සභාවල ගිනි නිවීම් ඒකක ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.




