ඊයේ (14) රාත්‍රියේ මහබාගේ පොලිස් වසමේ දොඹගහවත්ත වගුරුබිම්වල සිදු කළ වැටලීමකදී, නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා සකස් කරන ලද ගෝඩා ලීටර් 6,800ක් (බැරල් 40ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 56 හැවිරිදි කැළණිය, ගාලගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.




