ඊයේ (22) වන දින දහවල් කාලයේ මාරවිල පොලිස් වසමේ දුන්කන්නාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට මාරවිල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස අවුරුදු 38ක් වූ දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු අසල්වැසියෙකු සමඟ ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් එම අසල්වැසි පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ. මෘත ශරීරය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. අපරාධය සම්බන්ධයෙන් වයස අවුරුදු 43ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මාරවිල පොලිසිය මගින් සිදු කරනු ලබන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.




