අද(25) දින රාත්‍රී 7.00ට මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 2026 – T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරඟය නැරඹීම සඳහා දේශීය හා විදේශිය ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කෙරෙනවා. එම තරඟයට අදාලව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි කොළඹ රථවාහන කොට්ඨාසය විසින් සැලසුම් කර ඇත්තේ.
ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් හා සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධි නිලධාරීන් යෙදවීමටත් විශාල ප්‍රමාණයේ ගමන්මළු, විදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, කුඩා මුවහත් පිහි, මත්ද්‍රව්‍ය හා මත්පැන් රැගෙන ඒම තහනම් කිරීමටත් කටයුතු කරන බවයි වාර්තා වන්නේ. සී.සී.ටී.වී. දර්ශන පරික්ෂා කිරීම්, ශරීර පරීක්ෂා කිරීම් හා වාහන සෝදිසි කිරීම් තරඟය ආරම්භ වීමට පෙර සිට ක්‍රියාත්මක වීමට නියමිත බැවින් ඒ සඳහා ආරක්ෂක අංශවලට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසයි සියලු නරඹන්නන්ගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ.
ක්‍රියාත්මක කිරීමට නියමිත රථවාහන සැලැස්ම පහත පරිදි වේ.




