රන් භාණ්ඩ සොරකමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

ඊයේ(04) දින මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව මීගමුව පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකමකට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අවුරුදු 42 හා 44 වයස්වල පසුවන වැල්ලම්පිටිය හා කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. සැකකරුවන් සම්බන්ධව සිදු කරන ලද විමර්ශනයේදී පුත්තලම පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකමකට ද මෙම සැකකරුවන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී ‍තිබෙනවා. මොවුන් විසින් සොරකම් කරන ලද රන් මුදු 12 ක් පොලිසිය විසින් සැකකරුවන්ගේ ප්‍රකාශ මත සොයාගෙන ඇති බවත් සඳහන්. සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මීගමුව පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකම සඳහා සැකකරුවන් පැමිණි යතුරු පැදිය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, එම අපරාධයට අදාල සොරකම් කරන ලද රන් භාණ්ඩ සොයාගැනීමට මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read more

Local News