සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයියර් නසීර් මහතා අතර ඊයේ (08) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
එතැනදී දෙරට අතර ඇති දිගුකාලීන මිත්‍රත්වය තවත් ශක්තිමත් කරමින්, සෞඛ්‍ය සේවාවන්, වෛද්‍ය උපකරණ හුවමාරුව, ඖෂධ සැපයුම්, වෛද්‍ය අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ පුහුණු අවස්ථා වැඩි දියුණු කරන එක ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබෙනවා. ඒ වගේම, දෙරටේ සංස්කෘතික වැඩසටහන්, වාර්තා චිත්‍රපට සහ ටෙලි නාට්‍ය හුවමාරු කර ගැනීමට මෙන්ම ජනමාධ්‍ය හා සංචාරක ක්ෂේත්‍රයත් දියුණු කිරීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමටත් දෙපාර්ශ්වයේම කැමැත්ත මෙහිදී පළ කළා.
මෙම වැඩපිළිවෙළට ශ්‍රී ලංකා රජයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවට අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. පාකිස්ථානයේ අඛණ්ඩ සහයෝගය සහතික කළ පාකිස්ථාන මහකොමසාරිස්වරයා, පාකිස්ථානයේ නිල සංචාරයක් සඳහා එක්වන මෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට ආරාධනා කළ බවත් වාර්තා වනවා.






