ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මෙරට ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශවල තැපැල් හා මූල්‍ය සේවා වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මානව සම්පත ශක්තිමත් කිරීමේ සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ යටතේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් හෙට (18) කොළඹ ප්‍රධාන තැපැල් මූලස්ථානයේදී 2019 වසරේ සිට වැඩබලන, ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරු සඳහා සුදුසුකම් ලැබූ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙනෙකුට ස්ථීර පත්වීම් පිරිනැමීමට නියමිතයි. මීට අමතරව, උප තැපැල් කාර්යාල ගොඩනැගිලි දීමනාව 2025 අප්‍රේල් සිට රුපියල් 1500 සිට 7500 දක්වා ඉහළ නැංවීමටයි රජය පියවර ගෙන ඇත්තේ. පසුගිය වසර දෙක තුළ තැපැල් සේවාව නංවාලීමට ගත් පියවර අනුව, තැපැල් සේවා නිලධාරී III ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා පසුගිය අප්‍රේල් මස පත්වීම් 297ක් ලබාදුන් අතර ඉතිරි පත්වීම් 303 ලබන ජූලි මස ලබාදීමට නියමිතයි. එමෙන්ම 2025 ඔක්තෝම්බර් මාසයේදී ලියාපදිංචි ආදේශකයින් 732කු ස්ථීර කිරීමටත්, 2025 නොවැම්බර් මාසයේදී නව තැපැල් රියදුරන් 35 දෙනෙකුට පත්වීම් ලබාදීමටත් කටයුතු කර ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ. 1921 දී උප තැපැල් කාර්යාල 06 කින් ඇරඹි මෙම විශිෂ්ට රාජ්‍ය සේවාව, මේ වනවිට දිවයින පුරා අනුමත උප තැපැල් කාර්යාල 3410ක් දක්වා සාර්ථකව ව්‍යාප්ත වී තිබෙනවා



