මාදු ගඟේ ඔරුවකට කිඹුල් ප්‍රහාරයක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Share

ඊයේ (25) දින උදෑසන අම්බලන්ගොඩ පොලිස් වසමේ වතුගෙදර ප්‍රදේශයේ මාදු ගඟේ මාළු ඇල්ලීම සඳහා ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු අවුරුදු 32 ක් වූ වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මරණකරු තවත් මිතුරෙකු සමඟ ඔරුවක් ආධාරයෙන් මාළු ඇල්ලීම සඳහා මාදු ගඟේ ඔරුව පදිමින් සිටියදී කිඹුලෙකු ඔරුවට පහරදීම හේතුවෙන් ඔරුව පෙරළීමෙන් මරණකරු දියේ ගිලී මෙසේ මියගොස් ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ. මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අම්බලන්ගොඩ පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Read more

Local News