හිරුණිකාගේ අභියාචනා පෙත්සම විභාගයට දින දෙයි

Share

2015 දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක අමරසිංහ නමැති තරුණයා ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස්, පහර දී, අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවලට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් 2024 ජූනි 28 වනදා තමන්ට නියම කළ බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬුවමෙන් සහ රුපියල් 20,000ක දඩයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළ ඇපෑල, විභාගය සඳහා ලබන අගෝස්තු මස 06 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (06) දින නියම කර තිබෙනවා.

පී.කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී, විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු පෙනී සිටින බව ඇයගේ නීතිඥවරයා ප්‍රකාශ කළ අතර, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර කළ ඉල්ලීම ද සලකා බලමින් අධිකරණය මෙම කෙටි දිනය ලබා දීමටයි නියෝග කර ඇත්තේ.

Read more

Local News