ඊයේ (09) දින රාත්රී කටුගස්තොට පොලිස් වසමේ පට්ටියවත්ත ප්රදේශයේ පිහිටි වෙළඳසැලක් සමඟ ඇති මහල් හතරකින් යුත් නිවසක ගින්නක් හටගෙන ඇති බවට කටුගස්තොට පොලිස් ස්ථානයට පණිවිඩයක් ලැබී ඇති අතර වහාම ක්රියාත්මක වූ පොලිසිය මහනුවර ගිනි නිවීමේ ඒකකයේ හා ප්රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දේපල හානි පමණක් සිදුව ඇති බවට වාර්තා වනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කටුගස්තොට පොලිසිය විසිනුයි මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන්නේ.



