2026 චීන ජාතික සයිබර් ආරක්ෂණ සතියේදී නව කෘත්‍රිම බුද්ධි ආරක්ෂක පාලන රාමුව එළිදැක්වේ

Share

2026 චීන ජාතික සයිබර් ආරක්ෂණ සතිය ඊයේ(14) චීනයේ Shandong පළාතේ Jinan නගරයේ දී ආරම්භ විය. 
“ජනතාව වෙනුවෙන් සයිබර් ආරක්ෂාව, ජනතාවගේ සහභාගීත්වයෙන් සයිබර් ආරක්ෂාව — බුද්ධිමය යුගයට සයිබර් ආරක්ෂාවේ රැකවරණය” එහි තේමාවයි.
“කෘත්‍රිම බුද්ධි ආරක්ෂක පාලන රාමුව 3.0” සහ “කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් සයිබර් ආරක්ෂණ යෙදුම් බලගැන්වීමේ 2026 පරීක්ෂණ ප්‍රතිඵල” වැනි සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ වැදගත් ජයග්‍රහණ එම සමාරම්භක උත්සවයේදී ඉදිරිපත් කෙරිණ. 
මෙම “කෘත්‍රිම බුද්ධි ආරක්ෂක පාලන රාමුව 3.0” අවදානම් වර්ගීකරණ යාවත්කාලීන කිරීම, පාලන පියවර ප්‍රශස්ත කිරීම, ජනතා කේන්ද්‍ර කරගැනීම සහ ආරක්ෂිත මෙන්ම පාලනය කළ හැකි ප්‍රවේශයකට අනුගත වේ. එසේම එමගින් AI ආරක්ෂක පාලනය පිළිබඳ පොදු එකඟතාවයක් ඇති කරයි. මෙහි අරමුණ වනුයේ AI තාක්ෂණය මානව වර්ගයාට ප්‍රතිලාභ ලබා දෙන අයුරින් ආරක්ෂිතව භාවිත කරන බවට සහතික කිරීමයි.

Read more

Local News