චීනයෙන් නව චන්ද්‍රිකා සමූහයක්

Share

චීනය හයිනාන් පළාතේ දකුණු දූපත් ආශ්‍රිතව අද(17) දින Long March-12 වාහක රොකට්ටුවක් දියත් කළ අතර එමගින් අනතර්ජාල චන්ද්‍රිකා සමූහයක් අභ්‍යවකාශගත කර තිබේ.
හයිනාන් වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ ස්ථානයෙන් බෙයිජිං වේලාවෙන් පෙ.ව. 8:32ට එම රොකට්ටුව ගුවන් ගත විය. පහළ කක්ෂයේ අන්තර්ජාල චන්ද්‍රිකාවල 25 වන කණ්ඩායම ලෙස එය නියමිත කක්ෂයට සාර්ථකව ඇතුළු වී ඇත.
මේ අතර වයඹදිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් Kuaizhou-11 Y3 වාහක රොකට්ටුව ද අද(17) දින බෙයිජිං වේලාවෙන් පෙ.ව 10.40ට ගුවන් ගත කෙරිණ. එමගින් Tianyi-51 සහ Tianyi-52 යන චන්ද්‍රිකා සාර්ථකව පෙර සැලසුම් කරන ලද කක්ෂ වෙත සාර්ථකව යොමු කර තිබේ.

Read more

Local News