ඉහළ ප්‍රමිතියකින් යුත් චීන – ආසියාන් නිදහස් වෙළෙඳ කලාපයක් වෙනුවෙන් ඉල්ලීමක්

Share

චීන–ආසියාන් නිදහස් වෙළෙඳ කලාපයේ  (CAFTA) 3.0 නවීකරණ ගිවිසුම ක්‍රියාත්මක වූ පසු, කලාපීය ආර්ථික සංවර්ධනයට දිගුකාලීන ශක්තියක් ලැබෙන බව චීන උප අග්‍රාමාත්‍ය Ding Xuexiang ඊයේ (18) පැවසීය. ඒ අනුව ඉහළ ප්‍රමිතියකින් යුත් චීන–ආසියාන් නිදහස් වෙළෙඳ කලාපයක් ගොඩනැගීමට කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
Guangxi Zhuang ස්වායත්තයෙහි අගනුවර වන Nanningහි පැවති 23 වැනි චීන-ආසියාන් ප්‍රදර්ශනය සහ චීන–ආසියාන් ව්‍යාපාරික හා ආයෝජන සමුළුවෙහි සමාරම්භක උත්සවය අමතමින් Ding Xuexiang මේ බව පැවසීය. කලාපය තුළ විවෘතභාවය පුළුල් ලෙස වැඩිදියුණු කිරීමේ සහ වඩාත් ශක්තිමත් සහයෝගිතා රාමු, ආයතනගත ක්‍රමවේද සංවර්ධනය කළ හැකි මාර්ග සොයා බැලීමේ වැදගත්කම ද හෙතෙම අවධාරණය කර ඇත.
එමෙන්ම ප්‍රමිතීන් සහ තාක්ෂණික නියාමන සම්බන්ධයෙන් සහයෝගිතාවය තවදුරටත් පුළුල් කරමින්, විවෘත, අන්තර්කරණය වූ, නීති මත පදනම් වූ ඒකාබද්ධ කලාපීය වෙළෙඳපොළක් කරා වේගයෙන් ගමන් කළ යුතු බව ද Ding Xuexiang පැවසීය.

Read more

Local News