කෘත්‍රිම බුද්ධියේ විශ්වීය සංවර්ධනයට සියලු පාර්ශ්ව එක්විය යුතු බව චීනය කියයි

Share

කෘත්‍රිම බුද්ධියේ ආරක්ෂක අවදානම් සම්බන්ධයෙන් ඉදිරි සතිවලදී ඇමරිකාව සහ චීනය සාකච්ඡා පවත්වනු ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun අද(22) පැවති මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය නැවත නැවතත් පැහැදිලි කර ඇති බවය. කෘත්‍රිම බුද්ධිය විවෘත අයුරින්, විශ්වීය ප්‍රතිඵල සැලසෙන ලෙස මානව යහපත උදෙසා සංවර්ධනය කිරීම සඳහා සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බව චීනය සැමවිටම විශ්වාස කරන බව චීන ප්‍රකාශකයා එහිදී පැවසීය.

Read more

Local News