අගුණකොලපැලැස්ස හා තංගල්ල නිවාස 662කට රු.මි.504 ක වන්දි – අමාත්‍ය මහින්ද අමරවීර

Share

2017 මැයි මාසයේ දී දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය නිසා අගුණකොළපැලැස්ස සහ තංගල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල හානියට පත් නිවාස 662 කට වන්දි මුදල් පිරිනැමීම තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සහ අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු විය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වන්දි මුදල් පිරිනැමීම සිදු වූ අතර හානියට පත් නිවාස 662 කට රු.මි. 504ක මුදලක් පිරිනමනු ලැබීය.
පසුගිය කාලපරිච්ඡේදය තුළ දැඩි නියඟයක් පැවති අතර ඉන් හානියට පත් ජනතාවට සහන ලබා දීම සඳහා රජය රු.මි. 38,000 ක් වැය කර තිබේ.

Read more

Local News