ජනපති තෝපාවැව ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කෙරයි

උතුරු මැද පළාත් සභාව විසින් රුපියල් මිලියන 40 ක් වැය කරමින් පොළොන්නරුව, තෝපාවැව විද්‍යාලය අසල ඉදිකළ ළමා සුරැකුම් මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (01) විවෘත කෙරුණි.

ඊයේ ලෝක ළමා දිනයට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා ඊට ඇතුළත් කළ පළමු දරුවා ලියාපදිංචි කිරීම ද සිදු කළේය.