ජනාපති පාර්ලිමේන්තු සභා වාරයට සැපත් වෙයි

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වීම සඳහා  මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට සැපත් විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා කතානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රධාන ප්‍රවිශ්ටයේ දී පිළිගනු ලැබීය.