කසල කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව ෆින්ලන්තයේ දී අගමැති ප්‍රධාන දූත පිරිස විශේෂ සාකච්ඡාවක

Share

කර්මාන්ත, නගර සහ ප්‍රජාවන් සඳහා කසල කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව හසල අත්දැකීම් ඇති ෆින්ලන්තයේ ෆෝටම් කසල විසඳුම් සමාගමේ ප්‍රධාන නිලධාරීන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස විශේෂ සාකච්ඡාවක නිරත වූහ.

ඊයේ (09දා) දින සන්ධ්‍යාවේ හෙල්සින්කි නුවර ෆෝටම් කසල විසඳුම් සමාගම් පරිශ්‍රයේ පැවති මේ සාකච්ඡාවේ දී නවීන තාක්‍ෂණය කසල විසඳුම් සඳහා යොදා ගන්නා ආකරය සහ කසල කළමනාකරණයේ නව ප්‍රවණතාවන් පිළිබඳව ද කරුණු සාකච්ඡා කෙරිණි.

ෆෝටම් සමාගම ඔවුනගේ කසල කළමනාකරණ හා ප්‍රතිචක්‍රීකරණ කාර්යයන් හිදී අනුගමනය කෙරෙන ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යයනය කරන්නට ද ශ්‍රී ලංකා දූත පිරිසට අවකාශ ලැබිණ.

 

Read more

Local News