රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන්

ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණ හා වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) මහනුවර, දෙල්තොට, කන්දේතැන්න වැව් පරිශ්‍රයේදී  පැවැත්විණි.

ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය පිළිබඳ සැකසු ග්‍රන්ථයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූණු අතර, ”වනරෝපා” ජාතික රුක් රෝපණ වැඩසටහන සංකේතවත් කරමින් පළතුරු පැළ පාසල් සිසුන් වෙත බෙදාදීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින්, පාසල් දරුවන්, ප්‍රදේශවාසීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Previous articleවසර 10කට වඩා ජාතික පාසල්වල සේවය කළ ගුරුවරුන් 3,000කට අද ස්ථාන මාරු
Next articleඋප රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා හා මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක්