හෙද සහ පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් 3020ක් පුහුණුවට

නිරෝගීමත් ශ්‍රී ලාංකීය පරපුරක් බිහි කිරීමේ අරමුණින් ගුණාත්මක සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කරනු පිණිස සුව සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව හෙද සහ පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් පුහුණුවට බඳවා ගැනීමේ පත්වීමි ලිපි ප්‍රදානය 11දා අරලියගහ මන්දිරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

මෙහිදී හෙද හෙදියන් 2250 කට සහ පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් 754 කට පුහුණුවට බඳවා ගැනීමේ පත්වීමි ලිපි ප්‍රදානය කෙරෙන අතර, පවුල් සෞඛ්‍ය සේවා ස්ථීර පත්වීම් 16 ක් ලබාදීමට ද නියමිතය.

Previous articleඑකම අරමුණක සිට ඩෙංගු ජයගත හැකියි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
Next articleඇමෙරිකාවට අයත් ගුවාම් දූපතට මිසයිල ප්‍රහාරයක් එල්ලකිරීම පිළිබඳ සිය අවධානය යොමු වී ඇති බව උතුරු කොරියාව පවසයි